දරු පැටියෙක් කුසට ආ දා පටන් සෑම මවක්ම, සෑම පියෙක්ම බලාපොරොත්තු වන්නේ ආදරණීය දරුවාට හොදම දේ හැකි අයුරින් ලබා දීමටයි. ඒ අතරින් දරුවෙක්ට නමක් යනු ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය සඳහාම ලබාදිය හැකි දිනපතාම භාවිතා කරන මහගු ත්‍යාගයකි. එය වෙනස් කල නොහැකි විශ්වීය දායාදයක්.
නම දරුවා ඉදිරිපිට තබා කියවන පිරිතක්. එසේ වීමට නම් එය අර්ථයෙන් සුපෝෂිත විය යුතුය. බලවත් වීමට නම් එය ශබ්ද විද්‍යාවේ කරුණු එක් විය යුතුය. ශුභ ගණ පිහිටවූ නමක් විය යුතුය.
මේ අයුරින් ගුණාත්මක නාමයක් සේම එය වර්ථමානයට මෙන්ම අනාගතයටද ගැළපෙන නවීන නමක් වීම දරුවාගේ ජීවිතයට තවත් ආලෝකයකි.
ඒ අනුව සිංහල ශබ්දකෝෂයන්හි ඇති නිවැරදි තේරුම ඒ අයුරින් ගෙන සිංහලයේ ව්‍යාකරණ රීතින්ද මනාව මුසුකොට ගනිමින් නවීන අයුරින් නිර්මාණය කරන ලද අරුත් බර නවීන නාමයන්(Modern Sinhala Baby Names with meaning) පහතින් දැක්වේ.
ඔබගේ සිතැඟි පරිදි ඔබේ බිළිඳාටම අනන්‍ය, ආකර්ෂණීය නාම ලැයිස්තුවක් ලබා දීම සඳහා අපගේ බිළිඳු නාමයන් පහත පරිදි කාණ්ඩ කර ඇත. මේ හරහා ඔබට අපගේ සේවාව හරහා ලබා දෙන නම් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. එමගින් ඔබගේ අවශ්‍යතාවයට අනුව ජ්‍යෝතිෂාණුකූලව ඔබේ බිළිඳාගේ ජන්ම නැකතට යෙදෙන සුබ අකුරු අනුව පුද්ගලික නාම ලැයිස්තුවක්(Customized Sinhala Baby Name List) ලබා ගත හැකිය.
දුවට නමක් (Sinhala Baby Names for Girl)
- 1. ගෞරාදී යුවිශ්නා දිසේන්ලී
Gauradhee Yuvishna Disenlee
- ගෞරවයෙන් බබලන මැණිකක් වන් තැනැත්තිය
-
2. හේෂලී යගීෂා සස්ණාවී
Heshalee Yageesha Sasnavee
- සත්‍ය වූ යහපත් ගීයක සතුට විදින්නිය
-
3. පැහැසි චෙනල්‍යා ඔනෙයිලී
Pahasi Chenalya Oneilee
- ලස්සන නුවණැති නායිකාව
-
4. අකේන්‍යා දෙව්ශාලී
Akenya Dewshali
- මෘදු කරුණාවන්ත නායිකාව
-
5. ඔහසි ශාරන්‍යා
Ohasi Sharanya
- ගෞරවණීය සිනහ ඇති සාරවත් තැනැත්තිය
පුතාට නමක් (Sinhala Baby Names for Boy)
-
1. යෙතීෂ් සස්යුග
Yetheesh Sasyuga
- සත්‍ය යුගයක් යහපතින් බබලන
-
2. මිහිනු තයේෂ්
Mihinu Thayesh
- මිහිමත නුවණින් බලවත්ම තැනැත්තා
-
3. දිශත්‍ර මන්තීෂ්
Dishathra Mantheesh
- තීක්ෂණ නුවණින් සියලු ශාස්ත්‍රයන්ගෙන් බබලන
-
4. අකේන් දේශාල්
Akein Deshal
- දේශයට ආදරයකරන අග්‍ර නායකයා
-
5. මිනායු නේෂත්
Minayu Neshath
- අලංකාර ප්‍රීතියක් ගෙනෙන
-
6. චිරායු හේෂත්
Chirayu Heshath
- දක්ෂ දිගුකල් ජීවත්වන
බොදු නම් (Buddhist Sinhala Baby Names)
බෞද්ධ සංස්කෘතිය සහ ධර්මය හා සම්බන්ධ වචන ආශ්‍රිත අර්ථවත් සහ ආකර්ෂණීය සිංහල බිළිඳු නම්(Buddhist Sinhala Baby Names) මෙම කාණ්ඩය තුළ ඇතුලත් වේ.
දුවට බොදු නම් (Buddhist Sinhala Baby Names for Baby Girl)
- 1. මෙතායා දම්ශකි
Methaya Damshaki
- මෛත්‍රියෙන් යුතු දැහැමි මිතුරිය
-
2. මෙතගි යුදම්යා
Methagi Yudamya
- මෛත්‍රියෙන් අග්‍ර යහපත් දැහැමි ගමනක් යන
-
3. දැහැනි දම්සේයා
Dahani Damseya
- දහමින් වැඩුණු සේයාවක් වන්
-
4. මෙතුවි තෙධර්නා
Methuvi Thedharna
- උතුම් තෙදවත් මෙත් ඇති නායිකාව
-
5. මෙතුවි දහරා
Methuvi Dahara
- මෛත්‍රීය වඩන්නිය
පුතාට බොදු නම් (Buddhist Sinhala Baby Names for Baby Boy)
- 1. මෙතායූ දම්දීව්
Methayu Damdeev
- දැහැමි ජීවිතයක් ගෙවන මෙතින් ආයු වඩන තැනැත්තා
-
2. මෙදම් දෙව්මන්
Medam Dewman
- උසස් දිව්‍යමය දැහැමි තැනැත්තා
-
3. යොමෙත් ආමෙතු
Yometh Aamethu
- දීර්ඝායු විදින මෛත්‍රිය වඩන තැනැත්තා
-
4. දිහර දම්වීද්
Dihara Damveedh
- දහමින් හරවත්ව බබලන උගත් තැනැත්තා
-
5. මෙතුඟ මනුහස්
Methuga Manuhas
- මෛත්‍රී සිනහවින් යුතු මිනිසා
නවීන සිංහල නම් (Modern Sinhala Baby Names)
සිංහල ශබ්දකෝෂ වල ඇති නිවැරදි අර්ථ සහිත විවිධ ශබ්ද මාධූර්යයන්ගෙන් යුතු නව තාලයේ සිංහල නම්(Modern Sinhala Baby Names) මෙම කාණ්ඩයට ඇතුළත් වේ.
දුවට නවීන සිංහල නම් (Modern Sinhala Baby Girl Names)
- 1. යෙහර්ණා දිහෙන්දී
Yeharna Dihendee
- නායකත්වයෙන් බබලන හරවත් තැනැත්තිය
-
2. අභිෂි සස්වීණා
Abhishi Sasveena
- උසස් සත්යයෙන් වැයෙන වීණාවක් වන්
-
3. තියුර්ණා මිනුර්දී
Thiyurna Minurdee
- තුන් අයුරින් උතුම් නුවණැති තැනැත්තිය
-
4. යුගාර්යා සිහෙස්ලී
Yugarya Siheslee
- ශ්‍රේෂ්ඨ උතුම් සත්‍යවන්ත ලිය
-
5. සියගි වියගනා
Siyagi Viyagana
- උතුම් බවින් අග්‍ර යුවතිය
-
6. තිරාද්යා අභිනුවි
Thiradhya Abhinuvi
- ස්ථිර පළමු ගමනක් යන උසස් නුවණැති තැනැත්තිය
-
7. ගෞරාධී යුවිශ්නා
Gauradhee Yuvishna
- යහපත් ගෞරවණීය නායිකාව
-
8. අශිර්ණා මින්සාරී
Ashirna Minsari
- නුවණින් සාරවත්ව ආශිර්වාද ලබන්නිය
පුතාට නවීන සිංහල නම් (Modern Sinhala Baby Boy Names)
- 1. හේලිනු මන්තිෂ්
Helinu Mantheesh
- උසස් නිර්මලව බබලන තැනැත්තා
-
2. සිහෙනු නේශත්
Sihenu Neshath
- ශ්‍රේෂ්ඨ නුවණැති තැනැත්තා
-
3. කේසදු ආකේත්
Kesadu Aaketh
- බුද්ධිමත් සඳක්
-
4. නේරාද් යෂ්විද
Neradh Yashvida
- කීර්තිමත් නුවණැති රජෙක්
-
5. නේහස් විද්මන්‍යූ
Nehas Vidhmanyu
- උගත් උසස් නුවණැති තැනැත්තා
-
6. අභිනු නේතුවර
Abhinu Nethuwara
- උතුම් නෙත් ඇති උසස් තැනැත්තා
-
7. සස්දිව් තෙව්යුග
Sasdiv Thewyuga
- සත්‍ය දිවියෙන් යුහයක් බබලවන
බටහිර විදිහට ඇසෙන සිංහල නම් (Western-Sounding Sinhala Baby Names)
සිංහල අර්ථයක් තිබුණද කියවීමේදී බටහිර නම් ආකාරයට ශබ්ද වන නම්(Western type Sinhala Names) මෙම කාණ්ඩය තුළින් ලබා ගත හැක. අද කාලයේ බොහෝ දෙමාපියන් කැමති Modern international sound එකක් ඇති සිංහල නම් මෙහි ඇතුළත් වේ.
දුවට බටහිර විදිහට ඇසෙන සිංහල නම් (Western-Sounding Sinhala Baby Girl Names)
- 1. සිහායා රයේලී
Sihaya Rayelee
- හිරු මෙන් ශ්‍රේෂ්ඨ මිතුරිය
-
2. වියානා ඩියොන්ලී
Viyana Diyonlee
- එඩිතර ගරු උපතක්
-
3. යෙලීනා ආශින්ලී
Yeleena Aashinlee
- ආශිර්වාදලත් මිතුරු නායිකාව
-
4. මෙතීරා මිකයිෂී
Methera Mekaishee
- මිහිරි මෛත්‍රියේ හිරු
-
5. ලියානා සයොන්ලී
Liyana Sayonlee
- යහපත් ගෞරවණීය උපතක්
-
6. ෂලන්යා චෙනාල්වී
Shalanya Chenalvee
- සියක් ළය සතුටු කරවන දක්ෂ නායිකාවක්
පුතාට බටහිර විදිහට ඇසෙන සිංහල නම් (Western-Sounding Sinhala Baby Boy Names)
- 1. මියේල් නාදිව්
Miyel Nadiv
- මිහිරි දිවියක මිතුරු හඩ
-
2. ලිවාන් රශ්වින්
Livan Rashvin
- ගරු ලියමණක් වන් බැබලීම් විදින තැනැත්තා
-
3. සයේන් ආකීෂ්
Sayen Akeesh
- උසස් යහපත නන්වන තැනැත්තා
-
4. මිකේල් නව්යාන්
Mikel Navyan
- නවීන ගරු මිහිරි ආලෝකය
-
5. සයේල් ආදිව්
Sayel Adiv
- දීර්ඝායු විදින යහපත් මිතුරු ජීවිතයක්
බටහිර ආරයේ නම් (Western Type Baby Names Sinhala)
බටහිර රටවල භාවිතා වන නාම රටාවට සමාන Western type baby names මෙම කොටස තුළ ඇතුළත් කර ඇත.
දුවට බටහිර ආරයේ නම් (Western Type Sinhala Names for Baby Girl)
- 1. අරෝරා ලිසෙල්
Aurora Liesel
- දෙවියන්ට කැපවූ උදැසනක හිරු වන්
-
2. බ්‍රියානා ලෝරන්
Briana Lauren
- උසස් බලවත් ගෞරවණීය තැනැත්තිය
පුතාට බටහිර ආරයේ නම් (Western Type Sinhala Names for Baby Boy)
- 1. ලියෑම් ඒඩන්
Liam Aiden
- ශක්තිමත් ආරක්ෂකයා
-
2. එලියෝ එව්රන්
Elio Evren
- විශ්වයම ආලෝකමත් කරන සූර්යයා වන්
පාලි/සංස්කෘත (heavy) නම් (Pali/Sanskrit Heavy Baby Names)
පාලි සහ සංස්කෘත භාෂා ආශ්‍රිත නම් (Pali / Sanskrit heavy baby names) මෙම කොටස තුළ ලබා දී ඇත. බෞද්ධ හා පුරාණ සංස්කෘතික වචන මූලයන්ගෙන් පැමිණි ගැඹුරු අර්ථයක් ඇති සිංහල බිළිඳු නම් මෙහි ඇතුළත් වේ.
දුවට පාලි/සංස්කෘත (heavy) නම් (Pali/Sanskrit Heavy Sinhala Names for Baby Girl)
- 1. බෝධි අනන්යා
Bodhi Ananya
- බුද්ධිමත් අවභෝධයක් ඇති කිසිම දේකට සමාන නොවෙන තැනැත්තිය
-
2. ඖධාර්යා කෛලාෂි
Audharya Kailashi
- ගෞරවණීය උතුම් ස්ථානයක්
පුතාට පාලි/සංස්කෘත (heavy) නම් (Pali/Sanskrit Heavy Sinhala Names for Baby Boy)
- 1. ත්‍රිවිජ මහේශාක්‍ය
Thrivija Maheshkya
- මහා ශිවගේ ආලෝකයෙන් තුන් අයුරින් ජයග්‍රාහී තැනැත්තා
-
2. රුද්‍රන් ආර්යන්
Rudran Aryan
- උතුම් බලවත් තැනැත්තා
-
3. කෛලාෂ් ආදිත්‍ර
Kailash Adithra
- පර්වතයක් සේ බලවත් උතුම් තැනැත්තා
අකුරු දෙකේ කෙටි නම් (Short Two Letters Sinhala Baby Names)
කෙටි, පහසුවෙන් උච්චාරණය කළ හැකි සිංහල නම් (Short Sinhala Baby Names) මෙම කොටස තුළ ලබා දී ඇත. Two-letter style Sinhala baby names හෝ කෙටි නවීන නම් කැමති දෙමාපියන් සඳහා මෙම කාණ්ඩය උපකාරී වේ.
දුවට අකුරු දෙකේ කෙටි නම් (Short Two Letters Sinhala Baby Names for Baby Girl)
- 1. ඕලි ආන්‍යා
Oli Aanya
- ගෞරවණීය අද්විතීය තැනැත්තිය
-
2. නූවි ආක්‍යා
Noovi Akya
- උසස් නුවණැති තැනැත්තිය
-
3. නුවී යෙලීනා
Noovi Yeleena
- නුවණින් ආලෝකය දෙන්නිය
පුතාට අකුරු දෙකේ කෙටි නම් (Short Two Letters Sinhala Baby Names for Baby Boy)
- 1. තීනූ යේත්
Theenu Yeth
- යහපත් නුවණැති තැනැත්තා
-
2. තේජ ආයූෂ්
Theja Aayush
- තේජාන්විතව ආයුෂ විදින තැනැත්තා
-
3. හේෂ් කේතූර්
Heash Kethoor
- ශක්තියේ සුවද දෙන
නිවුන් දරු නම් (Twins Sinhala Baby Names)
නිවුන් දරුවන් සඳහා ගැලපෙන නම් (Twin Sinhala Baby Names) මෙම කොටස තුළ ඇතුළත් කර ඇත. එකිනෙකට සමාන හෝ ගැලපෙන matching Sinhala baby names for twins මෙම කාණ්ඩය තුළින් ලබාගත හැකිය.
දුවලාට නිවුන් දරු නම් (Twin Sinhala Baby Names for Girls)
- 1. ඔෂිමි අමෙල්යා නෙයෝලී
Oshimi Amelya Neyolee
- අමරණීයත්වයේ පාරාදීසයවන් නුවණින් යෝග්‍ය ලිය
-
2. යෂිමි තිමෙල්යා සයෝලී
Yashimi Thimelya Sayolee
- පොහොසත් බවින් කීර්තිමත් යහපත් යෝග්‍ය ලිය
පුතාලාට නිවුන් දරු නම් (Twin Sinhala Baby Names for Boys)
- 1. තීනු ලියාන් හෙෂ්වින්
Theenu Liyan Heshvin
- නුවණින් ගරු බලවත් තැනැත්තා
-
2. යේනු වියාන් රශ්වින්
Yenu Viyan Rashvin
- ගරු නුවණින් බබලන තැනැත්තා
විවිධ භාෂා ආශ්‍රිත (හින්දු ,අරාබි, ලතින්, ජපන්) නම් (Baby Names from Different Languages)
විවිධ සංස්කෘතීන් සහ භාෂා ආශ්‍රිත නම් (Hindu, Arabic, Latin, Japanese Sinhala Baby Names) මෙම කොටස තුළ ඇතුළත් වේ. හින්දු , අරාබි, ලතින්, ජපන් වැනි විවිධ රටවල නම් වල අභාෂය ලැබූ අර්ථවත් නාම මෙම කාණ්ඩයට ඇතුළත් වේ.
දුවට විවිධ භාෂා ආශ්‍රිත නම් (Names for Daughter Inspired by Various Languages)
- 1. අයේරා සේජල්
Ayera Sejal
- නිර්මල ආලෝකයක්
-
2. ක්ලාරා නිකේලා
Clara Nikela
- උතුම් ආලෝකමත් තැනැත්තිය
-
3. අර්යානා මිෂෙල්
Aryana Michelle
- උතුම් ගරු තැනැත්තිය
පුතාට විවිධ භාෂා ආශ්‍රිත නම් (Names for Son Inspired by Various Languages)
- 1. රියාන් අශ්වින්
Riyan Ashvin
- සෞභාග්‍යමත් නායකයා
-
2. අරන් ඒලිෂ්
Aran Eleesh
- උතුම් දිව්‍ය ආරක්ෂාව ඇති තැනැත්තා
මෙහි දක්වා ඇත්තේ අපගේ සේවාව ඔස්සේ ඔබට ලබාගත හැකි විවිධ නාම කාණ්ඩවලට අයත් ආදර්ශ නම් ලැයිස්තුවක් පමණි.
ඔබගේ අවශ්‍යතාවය පරිදි ඉහත කාණ්ඩ වලින් කැමති එක් කාණ්ඩයකින් හෝ කාණ්ඩ කිහිපයක් මිශ්‍ර කරගෙන ඔබේ බිළිඳා සඳහා සුදුසු නම් ලැයිස්තුවක් අපවෙතින් ලබාගත හැකිය. දෙමාපියන් බොහෝවිට modern, traditional, western sounding වැනි විවිධ කාණ්ඩ එකට සලකා බැලීමෙන් ලස්සන හා අර්ථවත් නාම සොයාගනී.
ශුභ නමක් තෝරා ගැනීමේදී එය අර්ථවත් සහ වාසනාවන්ත නමක් වීමට, නිවැරදි ශබ්ද විද්‍යාවට සහ ජ්‍යොතිෂයට අනුකූලව සිදුකිරීම සුදුසු වේ. අපගේ ආර්ය බිළිඳු නාම සේවාව තුළින් ජ්‍යෝතිෂාණුකූලව ඔබේ බිළිඳාගේ ජන්ම නැකතට යෙදෙන ශුභ අකුරු අනුව පුද්ගලික නාම ලැයිස්තුවක් ලබා ගත හැකිය.
නමක් ලබා ගැනීම