ඔබේ බිළිදාගේ ජීවන ගමන ආරම්භ වන්නේ තේජාන්විත, අර්ථවත් නමකිනි. ඉන් පසුව එය කියවෙන වාර ගණන අපමණය. එලෙස ආමත්‍රණය කරන සෑම වාරයක් පාසාම ඇසෙන හඬ, දරුවාට සෙත් විය යුතුය. ආකර්ෂණීය විය යුතුය. අර්ථවත් විය යුතුය. වර්තමානයට මෙන්ම අනාගතයට ගැලපිය යුතුය.
බිළිඳු දරුවෙකුට නම් තැබීමේදී ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ඉතා වැදගත් භුමිකාවක් ඉටු කරයි. නාමය වසරක් හෝ යම් කාලයකට සිමා නොවන ජිවිතකාලයක් පුරාවට බලපාන්නක් නිසා අතිතයේ සිටම ජ්‍යෝතිර්වෙිදයට අනුව නම් තැබීම සිදු කිරීම සිරිතකි. මව්කුස තුළ සිටින දරුවා ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද යන්න දැනිමේ හැකියාව වර්තමානයේ පවතී. එතැන් පටන් ඕනෑම දෙමාපියෙකුගේ ඊළඟ සිහිනය නම් තම බිළිඳාට සුළබ නොවු අලංකාරවත් නමක් තැබීම ය. නමුදු ජ්‍යොතිෂානුකුලව දරුවාගේ උපන් දිනය, ලග්නය, නැකතට ගැලපෙන නමක් යෙදිමට සිදුවිම නිසා මාපියන් මහත් අපහසුතාවලට මුහුණපානු ලැබේ. උදාහරණයක් ලෙස ඔබේ සිත් රැඳි ආකර්ෂණිය නම් ජ්‍යෝතිෂ කරුණු සමග ගැලපීමේදී ඇතිවන ගැටලු සැලකිය හැකිය. සමහර අවස්තාවන්හිදි ශුභ අක්ෂරය පමණක් යොදාගෙන නමක් තැබුවද බොහෝ මව්පියන් එහි අර්ථය, ගණ පිහිටුවීම, එය දෙමාපියන්ට ශුභ ද අශුභ ද යන්න පිළිබඳව දැනුවත් බව අල්පය.
ආර්ය බිළිඳු නාම සේවාව ආරම්භ වන්නේ වර්තමානයේදි බිළිදෙකුට නමක් තැබීමේදී ඇතිවන ඉහත ගැටලු ඔබ වෙනුවෙන් බාරගෙන බිළිදාට සෙත් සදන ආකර්ෂණීය නාමයක් තැබීමේ අභියෝගය වෙනුවෙන් කැපවුන නව පරපුරේ බිළිඳු නාම සේවාව ලෙසිනි. ඒ අනුව මෙම සේවාව මගින්, නිවැරදි ජ්‍යොතිෂ මුලධර්මත් සම්ප්‍රදායත් නවීනත්වයත් එකිනෙක ගලපමින්, ඔබ වෙනුවෙන් නව යුගයේ අවශ්‍යතාවයන්ට අනුව නාම නිර්මාණය කිරීම සිදුකරයි. එමෙන්ම ඔබගේ සිත් රැදි නම්, අදහස්, යෝජනා නම් ලැයිස්තු සැකසීමේදී අප අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගනු ලැබේ.
ආර්ය බිළිඳු නාම අංක 06/6473 යටතේ බිළිඳු නාමකරණ ආයතනයක් ලෙසින්ම රජයේ ලියාපදිංචි ආයතනයකි. ජ්‍යෝතිෂ ශාස්ත්‍රය, සිංහල භාෂාව මෙන්ම අනෙකුත් භාෂා පිළිබඳ විෂය ප්‍රවීනයින්ගෙන් අධික්ෂණය යටතේ පළපුරුදු වෘත්තීය කණ්ඩායමක් මගින් ඔබේ බිළිඳා වෙනුවෙන් නාම නිර්මාණ කාර්යය සිදුකෙරේ. අද වනවිට දිවයිනේ වැඩිම පාරිභෝගික ප්‍රතිචාර(1800 කට අධික Google Reviews බලන්න) රැගත් බිළිඳු නාම සේවාව ලෙසින් අන්තර්ජාලය ඔස්සේ ලොවපුරා විසිරුණු ශ්‍රී ලාංකිකයන්ට සේවය සපයයි.
Senior Naming Consultant
මංජුලා හේරත්
BA (University of Kelaniya), Dip. in Psychology and Counseling, Cert. Astrology
බිළිඳු නාම නිර්මාණකරණයේ වසර 7 ක මනා පළපුරුද්දක් සහිත මංජුලා හේරත් කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍රවේදී උපාධිධාරිණියකි. මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරිණියකි. එමෙන්ම ඔබේ බිළිඳා වෙනුවෙන් සෙත් සැදි නාමයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පාඨමාලාවක් වශයෙන්ම මනාව හදාරා සහතික ලත් තැනැත්තියකි. මේ වන විට දැයේ දරුවන් දස දහස් සංඛ්‍යාවකට නාම නිර්මාණය කර ඇති ඇය බිළිඳු නාමකරණ ක්ෂේත්‍රයේ හසල දැනුමක් ඇති තැනැත්තියකි. ඇයගේ මගපෙන්වීම යටතේ ක්ෂේත්‍රයේ ප්‍රවීන කාර්ය මණ්ඩලයක් ඔබේ දරුවා වෙනුවෙන් සෙත් සැදි තේජාන්විත නාමයක් තිළිණ කරදීම උදෙසා කැපවී සිටී.
Awards & Recognition
සම්මානනීය ගමන් මග
ආර්ය බිළිඳු නාම සේවාව, විශේෂඥතාවය, විශ්වාසය සහ වෘත්තීයභාවය මත පදනම්ව සම්මාන සහ සහතික ලැබූ ප්‍රමුඛ සේවාවක් වේ.
Testimonials
පාරිභෝගික ප්‍රතිචාර
දිවයිනේ වැඩිම පාරිභෝගික ප්‍රතිචාර ලද නව පරපුරේ බිළිඳු නාමකරණ සේවාව ලෙසින් ආර්ය බිළිඳු නාම අපගේ ගෞරවනීය පාරිභෝගිකයින් විසින් ඔසවා තබා ඇත.
Why Choose Us
අපගේ සේවාව
ඔබේ දරුවාට සෑම අතින්ම ගැලපෙන ශුභ නම තෝරා ගැනීම ජීවිත කාලය පුරාම බලපාන වැදගත් තීරණයකි. ඒ සඳහා අපගේ සේවාවෙහි විශේෂත්වය, නිරවද්‍යතාවය සහ විශ්වාසය පදනම් වේ.
මෙම කෙටි වීඩියෝව මගින් “ආර්ය බිළිඳු නාම” තෝරාගත යුතු හේතු ඔබට පැහැදිලි කරයි.
Contact
ආර්ය බිළිදු නාම
ජ්‍යෝතිෂයේ සියලු නාමකරණ සිද්ධාන්ත සමගින් වර්තමානයට මෙන්ම අනාගතයට සරිලන ආකර්ෂණීය නවීන නාමයක් ඔබේ සිතැඟි අදහස් පරිදි නිර්මාණය කර ගැනීමට දිවයිනේ වැඩිම පාරිභෝගික පැසසුම් ලද නූතන නාමකරණ පියස සමග එක්වන්න.
නම් ලබා ගැනීම