නමක වරුණ

බබාට නමක් - ඔබගේ සිඟිති දුවට, පුතාට නමක් තැබීම.

බබාට නමක් babata namak in sinhala

මිනිසාට සිය දිවි පවත්නාතෙක් සැප, බල, ප්‍රඥාව, ⁣ධෛර්ය මෙන්ම සිය පෞරුෂයත්වය වර්ධනයට ද නමක් අවශ්‍යය. නාමය යනු ඔහුගේ හෝ ඇයගේ දෛවයේ කැඩපතයි. බිළිඳා වෙනුවෙන් යොදන නම

බිළිඳා උපන් විගස නමට නියමිත අකුරු ලබාගැනීමට ජ්‍යෙතිර්වේදින් ලගට යන දෙමාපියන් උපන් වෙිලාව ඉදිරිපත් කර නියමිත අකුරු ලබාගනිති. ඒ අකුරු අනුව තමාට සිතැඟි පරිදි අදුරදර්ශිව බිළිඳාට නමක් තබති. නියමිත ගණ, යෝනි, පංච මහා භුත පිළිබඳව නිසි අවබෝධයකින් තොරව අකුරු පමණක් යොදාගෙන දරුවාට නොගැලපෙන නම් තබති. මෙමගින් දරුවන් ලෙඩ වෙති. උපද්‍රවවලට ලක්වෙති. රට හැර යාමට සිදුවෙති. එනිසා නියමිත ගණ, යෝනි අනුව නම් තැබු විට දෝෂ වලින් වැලකේ. ඉන් සැපත, ජය, යසස, දිර්ඝායුෂ ආදි සුබඵල ගෙන දෙයි.

එසේම සිතට එන පරිදි විවිධ අයුරින් අකුරු එකතුකර නම් සෑදිීමද නොකළ යුතුය. එමෙන්ම ඉතා අයහපත් අර්ථ ඇති නම් නොතිබිය යුතුය. අයහපත් තේරුම් ඇති නම් අර්ථ රහිත නම් තබනවාට වඩා අයහපත් ය.

අලුත උපන් පුතාට හෝ දුවට නමක් තැබීමේ දි ඒ සඳහා ජ්‍යෙතිර්වේදියෙකුගේ සහාය පැතීම සිරිතකි. ජ්‍යෙතිර්වේදියා වුවද අලුත උපන් දරුවෙකුට නම් තැබීමේ දි කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. එහිදී දරුවාගේ උපන් වේලාව, උපන් දිනය අනිවාර්යය වෙි. එමෙන්ම එහිදී දරුවාගේ ලග්නය, නැකත, නැකත් පාදය ගණනය කර සාදාගනු ලැබේ.

අලුත උපන් දුවට හෝ පුතාට නමක් තැබීමේ දි සලකා බලන කරුණු කිහිපයක්

  1. උපන් දිනයට අනුව
  2. එහිදී ඒ ඒ දිනයන්ට සුවිශේෂී වු ශුභ අක්ෂර ඇත.
    *උදාහරණයක් වශයෙන්
    සදුදා දිනය -ය,ර,ල,ව,ස,ශ,ෂ,හ,ළ අක්ෂරයන් ශුභ වෙි.

  3. ලග්නය⁣ට අනුව
  4. *උදාහරණයක් වශයෙන්
    මේෂ ලග්නය -අ,ආ,ශ අක්ෂර ශුභ වෙි.

  5. නැකතට හා නැකත් පාදයට අනුව
  6. *උදාහරණයක් වශයෙන්
    අස්විද නැකත -වු,වෙ,වො,ල යන අක්ෂර ශුභ වෙි.

ඒ අනුව ලග්න 12ට, සතියේ දින 7ට, නැකත් 27ට හිමි අක්ෂර මගින් ජන්ම පත්‍රයට අනුව ශුභ ඵල ගෙනදෙන අකුරු කිහිපයක් දරුවාට නමක් තැබීම සඳහා ජ්‍යෙතිර්වේදින් විසින් සකස් කරනු ලැබේ.

ඉන්පසු ඉහත සදහන් ශුභ අක්ෂර මගින් තබන ලද නමෙහි ගණය පිළිබඳව සලකා බලනු ලබයි. එහිදී ශුභ ගණ භාවිතය තුළින් හොඳ ප්‍රතිඵල අත්කරගත හැකිය.

* උදාහරණ වශයෙන්
පළමු නම දේව ගණයද දෙවන නම ජල ගණයද වීම තුළින් දරුවා තුළ ධෛර්යය, ආයුෂ, අභිවෘද්ධිය ඇතිවේ.

නමුත් ඔබෙ නොසැලකිලිමත් භාවයෙන් හිතුමතේ දරුවාට තබන නම අශුභ ගණයන්ට අයත්නම් දරුවාට ද ඔබටද අයහපත් ප්‍රතිඵල අත්වේ.

*උදාහරණ වශයෙන්
පළමු නම ගිණි ගණයද දෙවන නම වායු ගණයද වීම තුළින් දරුවාට ශෝක, විපත්, වියදම්, මානසික පීඩා ඇතිවේ.

ඉන්පසු බබාට නමක් තැබීම සදහා ශුභ යෝනියක් තෝරාගත යුතුය. එහිදී දරුවාගේ පළමු නම දෙවන නමට මිතුරුද සතුරුද යන්න යෝනි මගින් සලකා බලනු ලබයි. සතුරු යෝනියක් වේනම් දරුවාගේ ජීවිතයට අයහපත් අගුණ ප්‍රතිඵල උදාකරනු ලබයි. මිතුරු වෙි නම් දරුවාගේ ජිවිතයට ගුණදායක යහපත් ප්‍රතිඵල උදාකරනු ලබයි.

ඊළඟ කරුණ දරුවාගේ නම දෙමාපියන්ට ගැලපේද යන්න සලකා බැලිය යුතුය. බබාට නමක් තැබීමේ දි මවටත් පියාටත් හිතවත් සුහදත්වය වර්ධනය වන අයුරින් ශුභ ඵල ගෙනදෙන නමක් සෑදීම සිදුකළ යුතුය. මෙහිදී දරුවා හා දෙමාපියන් අතර මතභේද, අසමගිය නැතිවේ.

එසේම බිළිඳාට තබන නාමය කලක් ගතවන විට ඉන් ගම්‍ය වන අරථ සිද්ධ වීමට පටන් ගනී. ශුභ අර්ථ සිද්ධ වන නම් ද අශුභ අර්ථ සිද්ධ වන නම්ද කොතෙකුත් තිබෙි. එවැනි නම් දෙස බලන විට බොහෝ දෙනා දුර දිග නොබලා තැබු බවක් පෙනි යයි.

*උදාහරණයක් වශයෙන්
රුපුන් = සතුරු යන අර්ථය

මේ නම ඇති දරුවාට ජිවිත කාලය තුළ දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන සතුරන්ගෙන් පීඩා ඇතිවේ. ඒ නිසා මෙවැනි නම් තැබීමේ දි විචාරශීලි විය යුතුය.

මෙම සියලු කරුනු සැලකිල්ලට ගෙන බිළිඳාට අනාගතයේ ශුභ ඵල ලැබෙන පරිදි නමක් තැබීමේ දි දෙමාපියන් කල්පනා කළ යුතුය.

නම් ලබා ගැනීම